උණුසුම් පුවත්

ඉරාන ජනපති අනිද්දා ලංකාවට..

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා අනිද්දා මෙරට සංචාරය කිරීමට නියමිත බවට ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම වාර්තාවල දැක්වෙන්නේ, ඉරාන ජනාධිපතිවරයාගේ පාකිස්ථානයේ සංචාරයකින් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සිදුකෙරෙනු ඇති බවයි.
කෙසේ වෙතත් ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.
එම අමාත්‍යාංශය කියාසිටියේ උමා-ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා පැමිණෙන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය ඉරාන ජනාධිපතිවරයා පිළිගෙන ඇති බවයි.
උමා-ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අනිද්දා ජනතා අයිතියට පත් කිරීමටයි  සැලසුම් කර ඇත්තේ.
2011 වසරේ උමා-ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ වැඩකටයුතු ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ  ආරම්භ කෙරුණු අතර, පසුව මහා භාණ්ඩාගාර ප්‍රතිපාදනද ඊට යෙදවූයේ ඉරානයට බලපෑ සම්බාධක හේතුවෙන්.
මේ අතර, නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද පාකිස්ථානයට පැමිණෙනවා.
ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් මීට පෙර විවිධ වාර්තා පළ වුවද, පාකිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සංචාරය පිළිබඳ තොරතුරු තහවුරු කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page