විදේශීය

සිරියාවේ ඇමරිකන් කඳවුරකට රොකට් ප්‍රහාර..

සිරියාවේ අමෙරිකා කඳවුරකට රොකට් ප්‍රහාර එල්ල වී තිබෙනවා.
පෙබරවාරි මාසයෙන් පසු පළමු වරටයි අමෙරිකා හමුදා ඉලක්ක කර මෙවැනි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ.
ඊසානදිග සිරියාවේ අමෙරිකා කඳවුරක් වෙත රොකට් ප්‍රහාර පහක් එල්ල කර ඇති බව සඳහන්.
වයඹ දිග ඉරාකයේ සමර් නගරයෙන් මෙම ප්‍රහාර එල්ල වූ බවටයි සැක පළ කෙරෙන්නේ.
ඉරාකය පදනම් කරගත් කතයිබ් හිස්බුල්ලා කණ්ඩායම පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අමෙරිකා නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීමට තීරණය කර ඇති බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page