උණුසුම් පුවත්

වගා නොකරන ඉඩම් වගාවට මුදාහැරීමේ තීරණයක්..

වගා කළ හැකි, මෙතෙක් වගා නොකළ ඉඩම් කැමති පුද්ගලයන් වෙත නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා.
රජය විසින් ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ.
මේ හරහා ඉඩම් හිමිකම් පැවරීමක් සිදු නොකිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.
වගා කළ හැකි භූමියේ හිමිකම එසේම තිබියදී නිෂ්පාදනය පමණක් වෙනත් පුද්ගලයන් වෙත පැවරීමට පමණක් සැලසුම් කර ඇති බව සඳහන්.
ඒ සඳහා වන නීති සංශෝධන ගෙන ඒමට රජය කටයුතු කරන බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
එමඟින් ග්‍රාමීය අපනයනය මූලික කරගත් නිෂ්පාදන ඒකකයක් ඇති කිරිම සඳහා වන ඇරඹුමක් ලබා ගන්නට අපේක්‍ෂා කරන බවයි ඒ මහතා කියා සිටියේ.
දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සිදු කරන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීමේ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page