උණුසුම් පුවත්

මෛත්‍රීගේ ශ්‍රීලනිප සභාපති ධූරයට ස්ථිර තහනම් නියෝගයක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ දිසා අධිකරණය විසින් අද ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.  
ඒ එම පක්ෂයේ හිටපු විධායක සභික මොන්ටිගූ සරත් චන්ද්‍ර මහතා විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීයි.
 නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය අහෝසි වීමෙන් අනතුරුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරිම මෛත්‍රීපාල සිරිසේන මහතාට නීත්‍යනූකූල නොවන බව පවසමින් ඔහු එම පැමිණිල්ල ගොනු කර තිබුණා.
මීට පෙර හිටපු ජනාධිපතිවරයාට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කළේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ගොනු කළ පැමිණිල්ලක් සළකා බැලිමෙන් අනතුරුවයි.
මේ අතර මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කරන ලෙසද නියම කර තිබෙනවා.
පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව ඔවුන් විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කර ඇති බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page