දේශපාලන

ශ්‍රීලනිපය ශක්තිමත් කිරීමේ කටයුතු අවුරුදු නිවාඩුවෙන් පසු ආරම්භ කරනවා.. ජාතික සංවිධායක කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය විසින් ගනුලැබු තීරණ  මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
ඊට අදාල සියලු වාර්තා ලබාදුන් බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක දුම්න්ද  දිසානායක මහතා සඳහන් කලේ.  
පක්ෂයේ කටයුතු සිදුකිරීමට සභාපතිවරයෙකු නොමැති වීම හේතුවෙන් වැඩබලන සභාපති ලෙස එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කරගනු ලැබුවා.
ඒ අනුව පක්ෂය ශක්තිමත් කිරීමේ කටයුතු අවුරුදු සමයෙන් පසු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කලේ.
 ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් ලබාදුන් වාර්තා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 18 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව රැස් වීමට නියමිත බවද සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page