ක්‍රීඩා

19 න් පහල ආසියානු කුසලානෙන් ලංකාව ඉවතට..

වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟය බංග්ලාදේශය විසින් කඬුලු 6 කින් ජයගනු ලැබුවා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඬුලුරෑ 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 200 ක්.

කෙසේ වෙතත් එම ඉලක්කය 41 වන පන්දුවාරයේදී කඬුලු 4 ක් පමණක් දැවී පසුකර යාමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකාව ජයගත්තේ එක් තරඟයක් පමණක් වීමද විශේෂත්වයක්.

එම ජයග්‍රහණය ඔවුන් වාර්තා කළේ ජපානයට එරෙහිවයි.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ද ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.

ඒ අනුව එම කාණ්ඩයෙන් පාකිස්තානය සහ ඉන්දියාවත්, ඊ කාණ්ඩයෙන් බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් මේ වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

අවසන් පූර්ව තරඟ දෙකම හෙට පැවැත්වීමට නියමිතයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page