ප්‍රධාන පුවත්

අභියෝග ජයගෙන ශක්තිමත්ව ඉදිරියට යමු.. ලක් එෆ්.එම්. නිර්මාතෘගෙන් අවුරුදු සුබපැතුම්..

මේ අතර අභියෝග ජයගෙන ශක්තිමත්ව ඉදිරියට යා හැකි පරිසරයක් රටතුල නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක ඒ සදහා පෙල ගැසිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසනවා.
උදාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටියා.
රට තුල පසුගිය කාලය පුරා පැවති බිඳවැටීම් යථා තත්වයට පත්වෙමින් පවතින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
එවැනි පරිසරයක් තුල ජනතාවගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට සියලුදෙනා එක්ව කටයුතු කලයුතු බවද ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සදහන් කලා.
ජාති, ආගම් භේද නොසලකා රට ගොඩනැංවීම සඳහා උදාවු සිංහල හින්දු අලුත් අවුරුද්දේ සියළුදෙනා එක්ව කටයුතු කලයුතු බවද නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර පරාජයන් තුලින් නැගී සිට කටයුතු කිරීම සඳහා සියළු දෙනාට යහපත් අවස්ථාවක් නිර්මාණය වී ඇති බව ලක් එෆ්එම් සභාපතිනි අශීකා එදිරිසිංහ මහත්මිය සුභ පැතුම් පණිවිඩයක් එක් කරමින් ප්‍රකාශ කලා.

ලක් එෆ්.එම්. කළමනාකාර අධ්‍යක්ෂ උදුල පෙරේරා මැතිතුමා අලුත් අවුරුදු සුබපැතුම් ඉදිරිපත් කරමින් කියා සිටියේ අධිෂ්ඨානශීලීව අභියෝග ජයගැනීමට සැමට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරන බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page