ප්‍රධාන පුවත්

ජනපතිගෙන්, අගමැතිගෙන් අලුත් අවුරුදු සුබපැතුම්..

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් සිතිවිලි ඔස්සේ අලුත් දෑ නිර්මාණය කරලීමෙන් බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කලා.

උපුටා ගැනීම
අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරයි.
ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙනි. අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙනි.
සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුනට ලැබී ඇති අවස්ථාවන්හි අලුත් වෙති.
ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේ මේ කරුණු පදනම් කරගෙනය.
ඒ වගත් සිහිපත් කරමින් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
උපුටා ගැනීම අවසන්

මේ අතර මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතුය යන මැයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
උපුටා ගැනීම
සිංහල හා හින්දු අලූත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි.  
මෙලෙස නැකත් චාරිත්‍රයන්ට හා ආගමික කටයුතුවලට මූලිකත්වය දෙමින්, පාරම්පරික සම්ප්‍රදායන් හා සිරිත් සුරකිමින් එකම අරමුණකින් යුතුව, එකම මොහොතක එකම නැකතකට එක්ව කටයුතු කිරීම ලොව කිසිදු රටක සංස්කෘතියක දක්නට නොලැබේ.
ස්වභාවධර්මයා සමග ගනුදෙනු කළ අපේ මුතුන් මිත්තෝ අලුත් අවුරුද්දේ එය තව තවත් යථාවත් කළෝය.
ඒවා යළිදු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් අරඹමු.
අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතුය.
දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
උපුටා ගැනීම අවසන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page