උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් චාරිත්‍ර අද සිට ආරම්භ වනවා.
ඒ අනුව නව සඳ බැලීම 11 වන බ්‍රහස්පතින්දා වන අද දිනයට යෙදී තිබෙනවා.
පරණ අවුරුද්ද සඳහා ස්නානයද අද දිනට යෙදී තිබෙනවා.
ඒ අනුව බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණය යහපත් බව සඳහන්.
අලුත් අවුරුදු උදාව 13 වනදා, සෙනසුරාදා අපරභාග 9.05 ට යෙදී තිබෙනවා.
එදින අපරභාග 2.41 සිට පසුදින අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබෙනවා.
ඒ අනුව 13 සෙනසුරාදා අපරභාග 2.41 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම චාරිත්‍රානුකූලව සිදුවෙනවා.
Leave feedback about this